අරගලයට සහභාගී වූ සෑම අයෙක් සම්බන්ධයෙන්ම සොයා බලා දඬුවම් කළ යුතු බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.
ගායක ගායිකාවන්, මහා සංඝරත්නය මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද එහි සිටි අතර, ඔවුන් සියලු දෙනාටම දඬුවම් කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ.
මීළඟ රජයක් පත් වූ වහාම ජාතික ජන බලවේගයේ පිරිස්වලට ද සිරගෙට ගොස් දුක් විඳීමට සිදු වන බවයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.