වසා දැමීමට නියමිතව තිබූ BCC ආයතනයක ලාභ ලබන තත්වයට ගෙන එයි

පසුගිය කාලයේ වසා දැමීමට නියමිතව තිබූ BCC ලංකා ලිමිටඩ් ආයතනය වර්තමානය වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්කර ඇතැයි එම ආයතනයේ වර්තමාන සභාපති ප්‍රසංග ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පැවසීය.

කොළඹදී (23 දා ) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා,

” BCC ලංකා ලිමිටඩ් ආයතනය 2006 වසරේ දී පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගෙන සම්පූර්ණයෙන් වසා දැමූ අතර ඉන්පසුව නැවතත් ඉතා සුළු සේවක ප්‍රමාණයක් යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදුකර තිබුණා. නමුත් පසුගිය කාලයේදී නැවතත් පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගත් BCC ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබුණත් නව රජය යටතේ ඉතා කෙටි කාලයකින් මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට අවස්ථාව ලැබුණා. BCC ඉතිහාසයේ ලැබූ ඉහළම විකුණුම් ආදායම ලෙස රුපියල් මිලියන 124 ක් පසුගිය මාර්තු මාසයේදී ලබා ගත්තා. එසේම ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 95ක් ද පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 121 ද ලෙස විකුණුම් ආදායම් ලබා ගැනීමට හැකි උනා. ” යැයි පැවසීය.

පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන BCC ලංකා ලිමිටඩ් ආයතනය පොල්තෙල් වර්ග 2 ක්, සබන් වර්ග 5 ක්, විශබීජ නාශක හා පිරිසිදු කාරක වර්ග ඇතුළත් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන පෙළක් වෙළඳපලට ඉදිරිපත් කර තිබෙයි. ආසියාවේ තියෙන විශාලතම පොල්තෙල් නිෂ්පාදන කටයුතු සහ පිරිපහදු කරන ආයතනය වන මෙම ආයතනය පොල් තෙල් ටොන් 10 000 ක් ගබඩා තළ හැකි තෙල් ගබඩා ටැංකි වලින් සමන්විත වෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ, මේ වන විට පවතින තත්වය යටතේ ආයතනය සතු කර්මාන්තශාලා දෙකෙහිම නිෂ්පාදන කටයුතු උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කෙරෙමින් පවතින අතර සුපිරි වෙළඳසැල් ඇතුළුව දිවයින පුරා බෙදා හැරීම් ජාලය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවත් රටේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් අවමය 50% ක් වත් BCC ලාංඡනය යටතේ වෙළඳපොළට නිකුත් කිරීම ආයතනයේ පරමාර්ථය බවය.

එසේම BCC ආයතනය නවතම නිෂ්පාදන පෙළක් වෙළඳපළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආයතනයේ නිෂ්පාදන කටයුතු තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් වතුපිටිවල පිහිටි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය. ඉදිරියේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ මගපෙන්වීම යටතේ දේශීය වෙළඳපොළෙන් ඔබ්බට ගොස් යුරෝපා වෙළඳපල වෙත BCC නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කරමින් කරමින් පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

491292630 1221522516005470 2444264060056027062 n.jpg? nc cat=100&ccb=1 7& nc sid=833d8c& nc eui2=AeHYAqtN3p7PcarHjHx7nLkTZ90CUMm5AYBn3QJQybkBgByFz6jLxoSSKHimE5yQF8oYihvuA m0oQxjGuQ6jZHV& nc ohc=nZSa7axGJmwQ7kNvwHllS5p& nc oc=Adnzi2lsxS24IubmM6C HLSDK1lo2hwUb6Fv0qIe9rNYJXvfP5OijRYJAB4hH yDdlg& nc zt=23& nc ht=scontent.fcmb11 1 Iri News

491368228 1221522569338798 5366002760661095381 n.jpg? nc cat=104&ccb=1 7& nc sid=833d8c& nc eui2=AeG0eXmBumuzr05gv8Gg6nKvvkbBDlzgiZO RsEOXOCJkwDaSiVO i8I2r6P AKxhm ZQvBVI 6pPcC2w9R O1bs& nc ohc=thgG S Q56wQ7kNvwE5VX8R& nc oc=AdmdPSx1o8CbTjh12AWj2i0TWAbEp8wJn23RPXkv8e IX6FU9mU5GmPOUU2OtW lHDg& nc zt=23& nc ht=scontent.fcmb11 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *