බේරේ වැව වසරක් තුළ පිරිසිදු කිරීමට තීරණය කරයි

බේරේ වැව පිරිසිදු කර සංවර්ධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ , එම කමිටුව ඒ පිළිබඳ විශේෂඥතාවක් ඇති විද්වතුන් 12 කුගෙන් සමන්විත බවයි.

බේරේ වැව පිරිසිදු කිරීම සඳහා මිට ‍පෙර ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරුණද ඒවා සාර්ථක වූයේ නැහැ. අමාත්‍යවරයා පවසන්නේ, කොළඹ නගරයේ මළ නාලිකා 21 ක් බේරේ වැව වෙත යොමු කර ඇති බවයි. ඒ අතරින් මළ නාලිකා 04 ක් ප්‍රධාන මළ නාලිකා බවද ඔහු කියා සිටිනවා. ඒවා මේ වසර තුළ නතර කිරීමට සැලසුම් කර තිබෙනවා. අමාත්‍යවරයා පැවසුවේ, ඇල්ගී ගහණය ඉහළ යාම බේරේ වැවේ දුර්ගන්ධයට හා ජලයේ පැහැය වෙනස්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විදෙස් අත්දැකීම්ද පාදක කර ගනිමින් අදාළ කමිටුව හරහා කඩිනමින් වැඩපිලිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා සඳහන් කරණවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *