ලොකු ලූණු කිලෝවක මිල තවදුරටත් පහළට – කිලෝවක මිල තවත් රුපියල් 50කින් අඩු වෙයි


වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50කින් පහත බැසී තිබෙනවා.

මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි.

මීට අමතරව පසුගිය කාලසීමාවේදී රජය විසින් චීනයෙන්ද ලොකු ලූනු තොග ගෙන්වනු ලැබුවේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට පැනවූ සීමාවත් සමග ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ යාම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *