රජයේ ප්රසම්පාදන ක්රියාවලියේ දී දූෂිත කොන්තරාත්කරුවන් අසාදු ලේඛනගත නොකරන එකම දකුණු ආසියාතික රට ලංකාව යැයි, වෙරිටේ රිසර්ච් ආයතනය සොයාගෙන තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනයේ සොයා ගැනීම්වලට අනුව, දූෂිත ක්රියාකාරකම්වල නියැලීම හෝ කොන්තරාත්තු ගිවිසුම් උල්ලංඝණය කිරීම අපේ රටේ කොන්තරාත්කරුවන්ට බරපතල ගැටළුවක් ඇති නොකරයි. අඩුම තරමේ, එවැනි කොන්තරාත්කරුවන් අසාදු ලේඛනගතකිරීමවත් සිදු නොවෙයි.දූෂණයට එරෙහිව සැබැවින්ම සටන් කරන්නේ නම් මේ හැඩැස් වහා පිරවිය යුතුව ඇතැයි වෙරිටේ රිසර්ච් වැඩිදුරටත් සදහන් කරයි. දූෂිත කොන්තරාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට අමතරව, සියල්ලන්ටම ප්රවේශ විය හැකි පොදු දත්ත පද්ධතිකයට එකී කොන්තරාත්කරුවන්ගේ දත්ත ඇතු-ළත් කිරීමට අවශ්ය ප්රතිපාදන දැනටමත් රජය සතුව ඇති නමුත්, කිසිවෙකු එම පද්ධතියට කිසිදු දූෂිත කොන්තරාකරුවකුගේ තොරතුරු ඇතුළත් කර නැත. කොටින්ම එම දත්ත පද්ධතිය මේ දක්වා හිස්ව පවතී.
දූෂිත කොන්තරාත්කරුවන් බ්ලැක් ලිස්ට් නොකරන දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රි ලංකාව පත් වෙයි
දූෂිත කොන්තරාත්කරුවන්ගේ දත්ත ඇතු-ළත් කිරීම සදහා වූ පොදු දත්ත පද්ධතියක් නේපාලය සහ බංග්ලාදේශයද පවත්වාගෙන යන අතර, 2023 ජූලි වන විට, නේපාලයේ එකී දත්ත ගබඩාව තුළ අසාදු ලේඛනගත සමාගම් 629 ක තොරතුරු ඇතුළත් වූ අතර, බංග්ලාදේශයේ පවතින එකී දත්ත ගබඩාව තුළ සමාගම් 510 ක තොරතුරු ඇතුළත් ය.