බොම්බයි මොටයිවල දරුණු පිළිකාකාරක හමු වෙයි – ඉන්දියාව වහාම තහනම් කරයි

රෝස පැහැති රස කැවිල්ලක් වන බොම්බයි මොටයි අලවිය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබේ.

ඒ, සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ඒවායේ රොඩමයින් බී නැමති පිළිකා කාරක ද්‍රව්‍යක් අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

ඒ අනුව පසුගිය සතියේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ අදාළ තහනම පනවා ඇති අතර මේ මස මුළදී බොම්බයි මොටයි අලවිය පුදුච්චේරි ප්‍රදේශය තුළ තහනම් කිරීමටයි පියවර ගැනුණේ.

ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලද මෙම රසකැවිල්ලේ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *