අභ්‍යාස පොත් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

අභ්‍යාස පොත් උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සදහා  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අභ්‍යාස පොත් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විය.

කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස්වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය  පාරිභෝගිකයා වෙත ලබා දීම සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්  ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොත් නිෂ්පාදන ආයතන කිහිපයක් වන ඇට්ලස්, රිචඩ්, නාලක, අකුර ,විරෝධාර ,SPC  හා දුමිදු යන ආයතන  සමග පසුගිය ජනවාරි 17 සහ පෙබරවාරි 19 යන දිනයන් හිදි සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත .

කාලීනව, භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සදහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළදපොල වැටලීම්, විමර්ශන සිදුකිරීම මෙන්ම  සහ අදාල ආයතන සමග නිරන්තර සාකච්ඡා පැවැත්වීමද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අඛණ්ඩවම සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *