පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදි දිශානතියකට ගමන් කරන විට ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් කලබල වීම පුදුමයට කරුණක් නොවන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (31) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිවැරදිව සිදුවන බවට හොඳම සාක්ෂිය වන්නේ ඇතැම් පාර්ශව කලබල වී විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සහ පොත්පත් ප්‍රකාශයට පත් කිරීම බව ඔහු පෙන්වා දුන්නේය.
සී.අයි.ඩී (C.I.D) ආයතනය පවා සොයා නොගත් තොරතුරක් කිසිවකු සතුව පවතී නම්, නීතිගරුක පුරවැසියෙකු ලෙස කළ යුත්තේ එම තොරතුරු අදාළ විමර්ශන අංශ වෙත ලබා දීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය.