කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද ශුක්‍රාණු බැංකුව හරහා ලබාගත් ශුක්‍රාණු මගින් මේ වනවිට කාන්තාවන් 10 දෙනකු ගැබ්ගෙන ඇතැයි එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත්, බොහෝ ඉල්ලීම් මේ සඳහා ලැබෙමින් පවතින බවත්, විවිධ ප්‍රදේශවල දායකයන් ද ඉදිරිපත් වෙමින් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.
එම දායකයන්ට කාසල් වීදිය රෝහලට පැමිණ වැඩි විස්තර දැන කියා ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.
ශුක්‍රාණු බැංකුව පසුගිය ජනවාරි මස ආරම්භ කෙරිණ.