තමන්ට රත්තරන් යන පට බැදුනේ ඉපදුණු දා සිට යැයි කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මුලින්ම තමන් ඉපදුණු වේලාවේ එක්තරා ආච්චි අම්මා කෙනෙක්; රත්තරන් පුතෙක් යැයි පවසා ඇති බවත්, ඉන්පසුව සිය පියා තමන්ට රත්තරන් පුතා යැයි ඇමත-ූ බවත්, ඉන් පසුව ගමේ වැඩිමල් පිරිස් රත්තන් මල්ලී යැයි කියූ බවත් මන්ත්‍රීවරයා පවසයි.
ඒ ආකාරයට තමන්ට රත්තරන් යන නම පට බැදුණු බව පවසන මන්ත්‍රීවරයා්, කිසිසේත්ම කෝච්චිවල මාල කැඩීමකට හෝ වෙනත් එවැනි දේකට සම්බන්ධ වීම නිසා ඒ නම පට බැදුනේ නැති බව පවසයි.
ඔහු කෝප් සභාපති දූරයට පත්වීමෙන් පසුව, මේ වන විට කමිටු සාමාජිකයන් දහ දෙනෙකු පමණ එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුන්ගෙන් බහුතරය චෝදනා කරන්නේ, රෝහිත අබේගුණවර්ධන සභාපතිදූරය දරන කමිටුවක තමන්ට සිටිය නොහැකි බවයි.
ඊට හේතුව ලෙස ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, රෝහිත අබේගු-ණවර්ධන මන්ත්‍රීවරයාට එල්ල වී ඇති අල්ලස් දූෂණ චෝදනා ය.
ඊට අමතරව, ඔහු කෝච්චිවල මාල කැඩූ බවට ජනප්‍රවාදයක් පවතින අතර, ඔහුට රත්තරන් යන නම පටබැදුනේ ඒ නිසා බවටත් අදහසක් සමාජය තුළ පවති.
හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙකු මේ පිළිබදව මන්ත්‍රීවරයාගෙන් සෘජුව ප්‍රශ්න කළ අවස්ථාවේ, රත්තරන් යන නම පට බැදීමේ අතීත කතාව මන්ත්‍රීවරයා ඒ ලෙස විස්තර කළේ ය.