‘මොළ චීපයක්’ බද්ධ කළ 10 වැනියා මනස ආධාරයෙන් ජීවිතය හසුරුවයි

යුගයේ විශිෂ්ටතම නිමැවුමක් වන ඉලෝන් මස්ක්ගේ ‘මොළ චීපයක්’ බද්ධ කළ 10 වැනියා ලෙස සැලකෙන 67 හැවිරිදි පුද්ගලයෙක් සිය මනස යොදා ගැනීම මගින් පමණක් එදිනෙදා කටයුතු මෙහෙයවීමට හැකියාව ලබා තිබේ.  

මේ අනුව සිය ශාරීරික ක්‍රියාකාරකම් අවසඟව යන Lou Gehrig’s disease, හෙවත් ALS, නමැති ස්නායුක රෝගයෙන් පීඩා විඳි ඔහුට දැන් සිතීමෙන් ක්‍රියාත්මක වන පරිගණක මැදිහත් වූ රොබෝ යන්ත්‍ර මගින් සිය කටයුතු කර ගන්නට හැකියාව ලැබී ඇත. මෙයට පෙර සිය කතාව අහිමිව ගිය රෝගී කතකට මේ මොළ චීපය මගින් මිනිත්තුවකට වචන 65ක් දක්වා ගලපා ගන්නට හැකියාව ලැබී ඇත. මෙම මොළ චීපය මේ වනවිට විවිධ හේතු නිසා චාලක හැකියාවන් අහිමි වූ පක්ෂඝාතයට ලක්වූ රෝගීන් හට අලුතින් ජීවිතය ලබාදීමට සමත් වන මහඟු සොයා ගැනීමක් බව සනාථ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *