අල්ලස් නඩු අහන දෙවැනි මහා­ධි­ක­ර­ණයේ වැඩ අද නිල වශයෙන් අරඹයි

අධි­ක­රණ සේවා කොමි­සම අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා අලු­තින් ස්ථාපිත කළ දෙවැනි මහා­ධි­ක­ර­ණයේ කට­යුතු අද (15) සිට ආරම්භ වේ. නව ආණ්ඩුව බල­යට පත්වී­මෙන් පසු අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරී­මට වෙනම අධි­ක­රණ පිහි­ටු­වීම සඳහා අවශ්‍ය පහ­සු­කම් සැල­සීම සිදු කළේය.

ඒ අනුව පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් මස 22 වැනිදා කොළඹ අලු­ත්කඩේ අධි­ක­රණ සංකී­ර්ණයේ අංක 6 නමින් අල්ලස් නඩු විම­සී­මට අලු­තින් මහා­ධි­ක­ර­ණ­යක්

පිහි­ටු­වීම සිදු විය. එය මෙරට අධි­ක­රණ පද්ධ­තියේ අල්ලස් නඩු විම­සී­මට මහා­ධි­ක­ර­ණ­යක් ස්ථාපිත කළ පළමු අව­ස්ථාව විය.

අල්ලස් නඩු විම­සී­මට වෙනම අධි­ක­ර­ණ­යක් පිහි­ටු­වීම නිසා කාල­යක් පුරා ගොඩ ගැසී තිබූ නඩු රැසක් නොප­මාව විභා­ග­යට ගැනීම සිදු විය. මහා­ධි­ක­රණ නඩු­වල පූර්ව නඩු විභාග සම්ම­න්ත්‍ර­ණය මාස තුනක් ඇතු­ළත අව­සන් කරන ලෙස අග­වි­නි­සු­රු­ව­රයා අධි­ක­ර­ණ­යට කර ඇති දැනුම් දීම අනුව නඩු විභාග කඩි­නම් කර ඇත. අල්ලස් නඩු විශාල ප්‍රමා­ණ­යක් පව­තින බැවින් අනෙ­කුත් නඩු සමඟ ඒවා විභාග කිරී­මේදී ප්‍රමා­ද­යක් සිදු වන නිසා කඩි­න­මින් තීන්දු ප්‍රකාශ කිරී­මට විශේ­ෂිත මහා­ධි­ක­රණ තුනක් ස්ථාපිත කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් රංග දිසා­නා­යක මහතා අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහ­තා­ගෙන් ඉල්ලී­මක් කර ඇත. අධි­ක­රණ සේවා කොමි­සම නව අධි­ක­රණ දෙක ස්ථාපිත කර ඇත්තේ එම ඉල්ලීම අනු­වයි. නව මහා­ධි­ක­ර­ණය බොරැල්ලේ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ, අංක 94 දරන ස්ථානයේ පැරණි කම්කරු උසා­විය පැවති ස්ථානයේ ස්ථාපිත කර ඇත.

හිටපු ඇමැ­ති­ව­රුන් සහ ජනා­ධි­ප­ති­ව­රුන් භාවිත කළ නිල නිවාස 4ක් ද මේ වන විට මහා­ධි­ක­රණ සංකීර්ණ බවට පත් කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සලස්වා තිබේ.

එම මහා­ධි­ක­රණ අංක බී/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක සී 76, බෞද්ධා­ලෝක මාවත, කොළඹ 07, අංක සී 108, විජේ­රාම පාර, කොළඹ 07 සහ සී 12, ස්ටැන්මෝ චන්ද්‍ර­වං­කය ස්ථාන­වල පිහිටා ඇත.

රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය යටතේ තිබූ එම නිල නිවාස අධි­ක­රණ ශාලා බවට පත්කි­රී­මට අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශ­යට පවරා ඇත. අලු­ත්කඩේ උප­රි­මා­ධි­ක­රණ සංකී­ර්ණයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අව­ස­න්වීම නිසා මෙතෙක් කලක් අධි­ක­රණ පියසේ පැවති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු කෘත්‍ය­යන් විභා­ග­යට ගැනීම එම ස්ථාන­යට ගෙන­යෑම සිදු විය. ඒ අනුව හිස් වූ ‘අධි­ක­රණ පියස‘නමින් හඳු­න්වන අලු­ත්කඩේ පැරණි මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණයේ නව මහා­ධි­ක­රණ 5ක් ස්ථාපිත කිරී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සී­මට අධි­ක­රණ අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටී. මේ අතර ශ්‍රී ලංකාව ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­නැ­ෂ­නල් ආය­ත­නය ලෝකයේ දූෂ­ණය මැන බැලී­මට භාවිත කරන රට­වල් 182ක් අත­රින් 107 වැනි ස්ථානය දක්වා ඉදි­රි­යට ගමන් කර ඇත. 2017 වසරේ ශ්‍රී ලංකා­වට ගෝලීය දූෂණ සංජා­නන දර්ශ­කයේ ලකුණු 38ක් හිමි වූ අතර 2024 වසරේ එය ලකුණු 32 දක්වා අඩු විය. එහිදී මෙර­ටට 121 වැනි ස්ථානයේ හිමි විය. 2025 වසරේ සිට ශ්‍රී ලංකාව දූෂණ විරෝධී රාජ්‍ය­යක් බවට පත්වෙ­මින් රට­වල් 14කින් ඉදි­රි­යට පැමිණ තිබේ. පසු­ගිය වසරේ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමි­සම කැපී පෙනෙන වැඩ­ස­ට­හන් කිහි­ප­යක් ක්‍රියා­ත්මක කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *