අල්ලස් කොමිසමේ බලය වැඩි කරයි – යෝජනාව මාර්තු 17 පාර්ලිමේන්තුවට

අල්ලස් කොමිසමට බලය දෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා අනුමත කිරීමට නියමිතය.

එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

නිලධාරීන් හැට තුන් දෙනකුට නොවැඩි සංඛ්‍යාවක් සඳහා විශ්‍රාම වැටුප් සහිත සුදුසු තනතුරක සහ සුදුසු වැටුප් පියවරක පිහිටුවීම නව දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ යුතු යැයි එම යෝජනාවේ සඳහන්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමද මෙහිදී අනුමත කරනු ලැබේ.

ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී සහ විමර්ශන නිලධාරී යන තනතුරු සඳහා කොමිෂන් සභාව තීරණය කරන රුපියල් දස දහසක් දක්වා වන කාර්ය සාධන දීමනාවක් ගෙවීමද අනුමත කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *