කොමිසමට අපහාස කිරීම ගැන නන්දනට සහ ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

උදය ගම්මන්පිල සහ නන්දන ගුණතිලක යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපහාස කර ඇති බවට වන පැමිණිල්ලක් එම කොමිසම වෙත ලැබී ඇති අතර, ඒ අනුව, කොමිසම ඒ පිළිබදව විමර්ශනයක් අරඹා තිබේ.

අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය නමැති සංවිධානය විසින් අදාල පැමිණිල්ල අල්ලස් කොමිසම හමුවේ ගොනුකර තිබේ.

අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපතිත්වය දරන්නේ සිවිල් ක්‍රියාකාරිකයෙකුවන කාමන්ත තුෂාර මහතා ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වරයා වන රංග දිසානායක මහතා මීට බොහෝ කලෙකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවක සාමාජිකයෙකුව සිටි බවට නන්දන ගුණතිලක චෝදනා කර තිබණි.

එම චෝදනාව, ජනතා විමුක්ති පෙරමුණ සහ රංග දිසානායක යන දෙපාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *