හිටපු ඇමැති පියං­ක­රට එරෙහි නඩුව ඉව­ත්කර ගන්නැයි ඉල්ලීම අල්ලස් කොමි­සම ප්‍රති­ක්ෂේප කරයි

හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­තාට එරෙ­හිව පව­රන ලද අල්ලස් නඩුව වරද පිළි­ගැ­නීම හෝ අල්ලස් කොමි­සම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එක­ඟ­තාව යටතේ ඉල්ලා අස්කර ගන්නා ලෙස විත්තිය කළ ඉල්ලී­මක් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව පසු­ගි­යදා ප්‍රති­ක්ෂේප කළේය. එම කරුණු දැක්වීම පිළි­ගත් මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මට නියෝග කළේය.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පදවි ප්‍රාප්තිය නිමි­ත්තෙන් පව­ත්වන ලද ‘දැයට කිරුළ’ ප්‍රද­ර්ශ­නයේ ගෙවී­මක් සම්බ­න්ධ­යෙන් හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියං­කර ජය­රත්න මහ­තාට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ කොමි­සම විසින් දූෂ­ණය නමැති වරද යටතේ මෙම නඩුව පවරා තිබේ. එම නඩුව දූෂණ විරෝධී පනතේ 67 වග­න්තිය යටතේ වරද පිළි­ගෙන වන්දි­යක් හෝ දඩ­යක් ගෙවීම මගින් හෝ කොමි­සම නියම කරන වෙනත් කරුණු සම්පූර්ණ කිරීමේ එක­ඟ­තාව යටතේ ඉව­ත්කර ගන්නා ලෙස විත්තිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලී­මක් කළේය. එම වග­න්තිය දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන සීමිත කාරණා සම්බ­න්ධ­යෙන් බව ප්‍රකාශ කළ අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සමේ සහ­කාර අධ්‍යක්ෂ ජන­රාල් තනූජා බණ්ඩාර මහ­ත්මිය විත්ති­ක­රුට එම පනත වග­න්තිය යටතේ ඉල්ලී­මක් කිරීමේ හැකි­යා­වක් නොමැති බව ප්‍රකාශ කළාය.

ඒ අනුව නඩුව විභා­ග­යට ගැනී­මට නියම කළ කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු රශාන්ත ගොඩ­වෙල මහතා ඉදි­රියේ චුදි­තට චෝදනා කියවා දෙන ලදි. ලබන මැයි 6දා නඩුව යළි කැඳවේ.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම විසින් පිංය­කර ජය­රත්න හිටපු ඇමැ­ති­ව­ර­යාට විරු­ද්ධව මෙයට අම­ත­රව තවත් නඩු 4ක් පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *