වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් පවසයි.
ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් පැවසුවේ මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුලු සියලු ද්‍රව්‍ය මිළ ඉහළ ගොස් ඇති බවයි.
වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුලි බුබුලු ඇතුලු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්ධට අයත් වීම නිසා විශාල ප්‍රමාණයකින් මිළ ඉහළ ගොස් ඇතැයිද ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා පැවසීය.