භාවිතයෙන් ඉවත් කළ ලංගම බස් 600ක් අලුත්වැඩිය කර ධාවනයට ගන්න තීරණය කරයි

භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ලංගම බස් ප්‍රමාණය වැඩී කිරීමට ද රජය මුදල් වෙන්කර ඇති බවයි.

ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදුකළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම පුරප්පාඩුව පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව, බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *