අසභ්‍ය හස්ත සංඥාවක් සිදු කළ බස් රියදුරා අත්අඩංගුවට ගනියි

මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි.

පැමිණිලිකාර කාන්තාව සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා යෑම සඳහා හයිලෙවල්  මාර්ගය ඔස්සේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී  තිඹිරිගස්සයාය හැව්ලොක් පාර ඩික්මන් හන්දිය  මාර්ග සංඥා අසලදී මෝටර් රථය නවතා ඇතැයි පොලීසිය කියයි.

වාහන ඉදිරියට ධාවනය කිරීම සඳහා සංඥා ලැබීමත් සමගම ඇය සිය මෝටර් රථය බස් රථයට ඉස්සර කිරීමේදී ජනේලයෙන් දකුණු අත දමා එම හස්ත සංඥාව පෙන්වා තිබේ.

අදාළ කාන්තාව ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක රෝෂිනි නිලුශිකා සිරිවර්ධන මහත්මිය වෙත පැමිණිලි කර තිබුණි.

අදාළ සිදුවීම බම්බලපිටිය පොලිස් වසමේ සිදුවී ඇති බැවින් පැමිණිල්ලේ පිටපතක් එම පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන බෙංගමුවේ පදිංචිකරුවෙකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *