ලංකාවෙම බස් ටික නවත්තලා අපේ ශක්තිය ඇමතිට පෙන්නන්නම් – බස් ගැමුණු කියයි

බස් රථ කර්මාන්තය සඳහා නීති ගෙන ආ යුතු වුව ද, කැකිල්ලේ තීන්දු ගෙන ඒම නොකරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව, අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

සමස්ත ලංකාවේ බස් රථ සියල්ලම නවතා, තම ශක්තිය පෙන්වීමට කටයුතු කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *