මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන බස් රථ සේවාවන්හි විශේෂ සංශෝධනයක් සිදු කිරීමට ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව, ලබන 11 වැනිදා සිට ගාල්ල බලා ධාවනය වන සියලුම අධිවේගී මාර්ග බස් රථ කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.