මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් උතුරු අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු තම නිවස තුළ ඩීසල්
ලීටර් 400කට අධික ප්‍රමාණයක් ගබඩා කර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබුණි.
එම බළකායේ පූගොඩ කඳවුරේ නිලධාරීන් සහ මල්වතුහිරිපිටිය පොලීසියේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී එම ඩීසල් තොගය සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෙට (03) ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.