බදුල්ලෙන් හමු වූ සුපිරි මැණික් ගල මිලදී ගන්න ගැණුම්කරුවන් ඉදිරිපත් වෙයි

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

ගැණුම්කරුවන්ට පරීක්ෂා කොට මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසමින් මේ වන විට ඇල්ල මවුන්ට් හෙවන් හෝටලයේ මෙම මැණික් ගල තැන්පත් කර ඇති එය ඇමෙරිකන් ඩොලර් මිලියන 60 ක මිළකට තක්සේරු කර ඇතැයිද මෙය මේ වන විට ලංකාවේ ඇති කොරන්ඩම් වර්ගයේ විශාලම කෞතුකාගාර ගල බවද එම මැණික් ගල භාරව සිටින කුෂාන් පී. සෙනෙවිරත්න මහතා පවසයි.

එසේම මේ වන විටත් ගැණුම්කරුවන් කිහිප දෙනෙක් මෙම ගල පරීක්ෂා කර බලා මිළ ගණන් ඉදිරිපත් කර ඇති බවත් තව දුරටත් ගැණුම්කරුවන්ට ඒ සඳහා අවස්ථාව ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.      

මෙම ගල සම්බන්ධයෙන් අදාළ අංශයන් මඟින් ලබාගත් සහතික හා තක්සේරු වාර්තාද මෙම මැණික් ගල සමඟ ප්‍රදර්ශනය කොට තිබේ. 

විජේරත්න රත්නායක

image 92369b184c Iri News
image 84ae9d45e7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *