විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මේ වසරේ සිට ඔන්ලයින් පාස්පෝට් ලබා දීමට කැබිනට් අනුමැතිය

විදේශයන්හී පිහිටි  ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල මගින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද(15දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *