පිළිකා රෝගීන් දහස් ගානක් සුව කල වෛද්‍ය ලක්ෂාන් කෝමා වීම නිසා මුහුණුපොත සංවේදී වෙයි

වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.

මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.

මුහුණුපොතේ උඩ පහළ යනකොට ඔබට හරි සංවේදී සටහනක් හමු වෙන්න ඇති.

ඒ වෛද්‍යවරයෙකු ගැන.

ඔහු නමින් විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායක.

සමහර විට ඔබට ඒ නම හොදට හුරු පුරුදු ඇති.

ගන්න වැටුපට වඩා වැඩක් කරන මේ වෛද්‍යවරයා මේ වන විට හෘදයාබාධයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එම වෛද්‍යවරයා ගැන තවත් වෛද්‍යවරයෙකු තැබූ සටහන පහතින්,

ඉහළම සුදුසුකම් සපුරාගෙන තියෙද්දිත්, බටහිර රටකට ගිහින් මේ රස්සාවම ඉතාම සුවපහසු තත්වයක් යටතේ කරන්න හැකියාව තියෙද්දිත්, රෑ එළිවෙනකන් බස්වල පැය අට-දහය නිදිමරමින් ගෙදර ඉඳන් රෝහලට ගිහින් වැඩකරන එක කියන්නෙ වැඩක්!

පුද්ගලිකව තමන් විසින් ඒ සුදුසුකම් සපුරලා තියෙනවනම්, මේ තියෙන තත්වය ඇතුළේ අපේ සමාජයේ වැඩිදෙනෙක් මෙහෙම හැසිරෙයි කියලා හිතන්න අමාරුයි.

බදුල්ල, අම්පාර ප්‍රදේශ දෙකේ පිළිකා රෝගීන් සියගාණක් ඔහුගෙන් පුද්ගලිකව ප්‍රතිලාභ ලබන්න ඇති, ජීවිත ගොඩ දාගන්නත් ඇති.

මනුස්සයෙක් විස්තර කරන්න, තේරුම් ගන්න, කෙනෙක් ගැන අදහසක් කියන්න අපිට විවිධ පැතිවලින් පුලුවන් තමයි.

ඒත් ලක්ෂාන් ගැන මේ මොහොතේ කියන්න තියෙන්නෙ ඔච්චරයි.

ඔහු රැකියාව කැපවීමෙන් සහ දුෂ්කර තත්වයක් යටතේ කරන වෛද්‍යවරයෙක්. ගන්න වැටුපට වඩා වැඩක් කරන මනුස්සයෙක්. හැකි ඉක්මණින් නැවත පැමිණිය යුතු කෙනෙක්.

විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායකට ඉක්මන් සහ සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කරනවා!

විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායක සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

image 320 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *