2030 වසර වනවිට වාර්ෂිකව වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 23%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
මෙම භයානක තත්ත්වයට මුහුණ දීමේ පියවරක් ලෙස, පිළිකා හඳුනා ගැනීමට මූලිකවම භාවිත කෙරෙන FDG ඖෂධය මෙරට දී නිෂ්පාදනය කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද ඇමැතිවරයා කියා සිටී.
මෙම ඖෂධ නිෂ්පාදනාගාරය, කටුනායක කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සැකසුම් කලාප පරිශ්‍රයේ ඉදිකර ඇති බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් හැටඅට ලක්‍ෂ හැත්තෑපන් දහසක් ආයෝජනය කර ඇති බවත් ඇමැතිවරයා කියා සිටී.
ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පරිශ්‍රයක මෙවැනි ඖෂධයක් නිෂ්පාදනය කරන පළමු අවස්ථාව මෙය වන අතර, FDG යනු, පිළිකා හඳුනා ගැනීම සඳහා වන PET – SCAN පරීක්ෂණවලදී බහුලවම භාවිත කරන විකිරණශීලී ඖෂධයකි.
මෙම ඖෂධය මූලිකවම පිළිකා මුල් අවධියේ දී හඳුනාගැනීම සහ රෝග විනිශ්චය සඳහා යොදා ගනු ලබන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම FDG ඖෂධය මේ වනවිට ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බව ද ඇමැතිවරයා පවසයි. එම ඖෂධය ආනයනය කර, රෝග විනිශ්චයට යොදා ගන්නා අවස්ථාව වනවිට විකිරණ ක්ෂය වීම හේතුවෙන් නිෂ්පාදනයේදී තිබූ ඖෂධයේ සක්‍රීයතාවයෙන් 97%ක් පමණ අහිමි වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.