රුසියාව සොයාගත් පිළිකා එන්නත පළමුවරට රෝගියෙකුට ලබා දෙයි

රුසියාව විසින් දේශීයව නිපදවන ලද, එක් එක් රෝගියාට ගැලපෙන පරිදි සකස් කළ හැකි (Personalized) ප්‍රථම පිළිකා මර්දන එන්නත සාර්ථකව රෝගියෙකුට ලබා දුන් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මෙය එරට පිළිකා මර්දන වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

සාමාන්‍යයෙන් පිළිකා සඳහා ලබා දෙන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සියලුම රෝගීන්ට පොදුවේ භාවිතා වුවද, මෙම නව එන්නත නිර්මාණය කර ඇත්තේ එක් එක් රෝගියාගේ ශරීරයේ ඇති පිළිකා සෛලවලට (Tumors) ආවේණික වූ ලක්ෂණ ඉලක්ක කර ගනිමිනි

රුසියානු සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි, මෙය තවමත් පර්යේෂණාත්මක මට්ටමේ (Experimental stage) පවතින අතර, එහි ආරක්ෂිත බව සහ සාර්ථකත්වය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් සායනික පරීක්ෂණ රැසක් සිදු කළ යුතුව ඇත. එබැවින් මෙය පොදු ජනතාවට විවෘත ප්‍රතිකාරයක් ලෙස ලබා දීමට තවත් කාලයක් ගතවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *