තක්කාලි කිලෝවක් රුපියල් 10ක් තරම් අඩු මිලකටවත් මේ දිනවල අලෙවි කරගත නොහැකි බවට තක්කාලි ගොවීන් මැසිවිලි නගනවා.
ඔවුන් චෝදනා කරන්නේ තක්කාලි වගාව සඳහා කෘෂිකර්ම බලධාරීන් ඇතුළු වගකිව යුත්තන්ගේ අවදානය යොමු වී නොමැති වීම මෙයට හේතු වී ඇති බවයි.
ඒ අනුව මේ දිනවල වෙළෙඳපොලේ තක්කාලි මිල ඉතා පහළ මට්ටමක පවතින බැවින් තක්කාලි ගොවීන් දැඩි අපහසුතාවයකට පත් ව තිබෙනවා.