වැරැද්ද පෙන්නලා දුන්නට – රථයේ රියදුරු යතුරු පැදිකරුවාව හප්පයි

අද (21) පෙරවරුවේ දෙහිවල – කඩවත මාර්ගයේ, “පැරකුම් මාවත” අසලදී රියැදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයේ වම්පසින් ඇති බැම්මක් මතින් ධාවනය කිරීමේදී එහි රෝදයක හුලං යෑමත් සමග රියැදුරා නොනවත්වාම ඉදිරියට ධාවනය කිරීමේදී ඊට පිටුපසින් පැමිනි යතුරුපැදියක පැදිකරු විසින් එ් පිළිබඳව මෝටර් රථ රියැදුරාට දැනුවත් කිරීමේදී මෝටර් රථ රියැදුරා කුමන හෝ හේතුවක් මත එය වැරදි අරුතකින් තේරුම් ගෙන ප්‍රකෝපකාරීව පෙරළා යතුරුපැදිකරුව (59) හප්පා ඝාතනය කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන පරිදි, මෝටර් රථ රියැදුරා විසින් යතුරුපැදිකරුව වරින් වර අවස්ථා දෙකකදී හප්පා ඇති අතර තෙවන වරට නැවත එසේ කිරීමට යෑමේදී මෝටර් රථය මාර්ගයේ හරහා පෙරලීගොස් ඇති බවට වැඩිදුරටත් සදහන් වනවා.

අදාළ සිදුවීම සියැසින් දුටු පිරිස් හා ඒ අවට සිටි පිරිස විසින් පවසන පරිදි එම මෝටර් රථයේ රියැදුරා යම්කිසි මත්ද්‍රව්‍යක් පාවිච්චිකර සිටින්නට ඇති බවට සැක පලකෙරුණු ලබනවා.

ප්‍රදේශවාසීන් විසින් අනතුරට පත්ව සිටි යතුරුපැදිකරුව රෝහල්ගත කෙරුණ ද පසුව ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

image 8 Iri News
image 9 Iri News
image 10 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *