රට විනාශ කළ දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කිරී­මට ජන­පති ගන්නා උත්සා­හය අග­ය­නවා – කාදිනල් හිමි කියයි

දීර්ඝ කාල­යක් රට විනා­ශය කරා මෙහෙය වූ දේශ­පා­ලන සංස්කෘ­තිය රටෙන් සද­හ­ටම ඉවත් කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා දරන උත්සා­හය අගය කරන බවත්, ශ්‍රී ලංකා­වට නව ආර­ම්භ­යක අව­ශ්‍ය­තාව තදින්ම දැනෙන බවත් කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ පැව­සූහ.

කාදි­නල් හිමි­පාණෝ මේ අද­හස් පළ කළේ පෙරේදා (07) උන්ව­හ­න්සේගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් කොළඹ අග­ර­ද­ගුරු පද­විය විසින් කොළඹ අග­ර­ද­ගුරු නිවෙසේ සංවි­ධාන කළ උප­හාර උත්ස­වය අම­ත­මිනි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක සහ අග­මැ­තිනී, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙය පැවැ­ත්විණි. ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පැවැ­සුවේ පිරිහී ගිය සමා­ජ­යට යළි මනු­ෂ්‍ය­ත්වයේ ජීවය කැටුව ඒමේදී අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ චරි­තය පර­මා­ද­ර්ශ­යක් බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ උන්ව­හන්සේ මෙලෙස ද කීවේය.

“අපේ රටේ පසු­ගිය වසර හත­ළි­හක පමණ කාලයේ සිදු වූ අතු­රු­දන් කිරීම්, මිනී­මැ­රුම්, පාතාල ක්‍රියා­කා­ර­කම්, පාස්කු දා ප්‍රහා­රය වැනි බිහි­සුණු අප­රාධ සහ රට තුළ ණය බර පැටවූ දූෂිත ව්‍යාපෘති පිළි­බ­ඳව සොයා බලා එවැනි දූෂිත ක්‍රියා ඉදි­රි­යට සිදු නොවන ලෙස වග­බලා ගන්නට තව­දු­ර­ටත් ක්‍රියා­කාරී වන මෙන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­නවා.

ජනා­ධි­ප­ති­තු­මනි, ඔබ වසර හැත්තෑ පහක පමණ කාල­යක් අප රටේ ඒකා­ධි­පති විය­රු­වට ඉඩ­කඩ සැකසූ දේශ­පා­ලන අන්ත­වාද සමා­ජ­යෙන් ඉව­ත්කර දමන්න වෙර දැරීම අගය කර­නවා. මානව හිමි­කම් අමු අමුවේ උල්ලං­ඝ­නය කර­මින් මාධ්‍ය­වේ­දීන්, දේශ­පා­ලන විවේ­ච­ක­යන් සහ අවං­ක­වම මේ රටට ආද­රය කළ අය විනාශ කර­මින්, දූෂ­ණය රටේ ව්‍යාප්ත කර­මින්, ඒකා­ධි­පති ව්‍යව­ස්ථා­වක් ජනිත කර­මින්, රට තුළ භීෂ­ණය පතු­රු­ව­මින් විවිධ ජාතීන් සහ ආග­මි­ක­යන් අතර වෛරය පතු­රු­ව­න්නට ක්‍රියා කළා. අප රටේ නොතිබූ ජාති භේද­යක් අවුස්සා වසර 30ක විනා­ශ­කාරී යුද්ධ­ය­කට රට ඇද දම­මින් රට විනා­ශය කරා මෙහෙය වූ දේශ­පා­ලන සංස්කෘ­තිය රටෙන් සද­හ­ටම ඉවත් කිරී­මට ජනා­ධි­ප­ති­තුමා දරන උත්සා­හය අපි අගය කර­නවා. අප රටට නව ආර­ම්භ­යක අව­ශ්‍ය­තාව තදින් දැනෙ­නවා. වසර 2500කට වඩා අතී­ත­ය­කට දිව යන බෞද්ධ ශිෂ්ඨා­චා­ර­ය­ක­ටත්, ඉන් ඔබ්බට දිවෙන ප්‍රාග් ඉති­හා­ස­ය­ක­ටත් උරු­ම­කම් කියන අප රටේ ආග­මික සහ සංස්කෘ­තික වටි­නා­කම් ද, ඉපැ­රණි සභ්‍ය­ය­ත්වය ද, සාමය ද ආරක්ෂා කර රට සෞභා­ග්‍යය කරා ගෙන යන්න තව­දු­ර­ටත් උන­න්දු­වෙන් කට­යුතු කරන ලෙස ජනා­ධි­ප­ති­තු­ම­න්ගෙන් ඉල්ලා සිටි­නවා.

මෙහිදී බෞද්ධා­ගම ද, ඉන් අපේ සංස්කෘ­තිය ලැබූ උරු­මය ද ආරක්ෂා කිරීම අප කාගේත් වග­කී­මයි. මේ කාර­ණා­වේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ විවිධ ජාත්‍ය­න්තර සංවි­ධාන දෙන අනු­ශා­සනා ක්‍රියා­ත්මක කිරී­මට වඩා මේ රටේ ජන­තාව ඔවුන්ගේ අව­ශ්‍යතා සපයා ගැනී­මට ගෙන යන ආර්ථික අර­ග­ලය මධ්‍යයේ ජීවන විය­දම අඩු කිරී­ම­ටත්, රටේ ඇති කෘෂි, ධීවර හා කම්කරු ආර්ථි­කය ගොඩ නඟ­න්න­ටත් ඉදිරි සැල­සුම් සල­සන ලෙස ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­නවා.

පාස්කු දා ප්‍රහා­රය පිටු­පස ක්‍රියා­ත්මක වූ කුම­න්ත්‍ර­ණය කුම­ක්දැයි රටට හෙළි­ද­රවු කරන්න ඔබ පොරොන්දු වූ අධි චෝදක කාර්ය­ලය හැකි ඉක්ම­නින් ස්ථාපිත කර­න්න­ටත්, මේ පිළි­බ­ඳව පත් කළ ජනා­ධි­පති කොමි­ෂන් සභා වාර්තාවේ සඳ­හන් නිර්දේශ ක්‍රියා­ත්මක කර­න්න­ටත් යුහු­සුළු වන මෙන් ජනා­ධි­ප­ති­තු­ම­න්ගෙන් ඉතා ඕනෑ­ක­මින් ඉල්ලා සිටි­නවා.”

කොළඹ අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ පූජක දිවි­යට වසර 50ක් පිරීම නිමි­ත්තෙන් එළි­දැ­ක්වුණු සමරු මුද්ද­රය සහ මුල්දින කව­රය ද මෙහිදී උන්ව­හ­න්සේට, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට, අග­මැ­තිනී ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­වි­යට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට පිළි­ගැ­න්විණි.

1947දී කුරු­ණෑ­ගල, පොල්ග­හ­වෙල ප්‍රදේ­ශ­යේදී උපත ලද මැල්කම් රංජිත් හිමි­පාණෝ, 1975 ජූනි මස 29 වැනි දින ශුද්ධ වූ සය වැනි පාවුළු පාප් වහ­න්සේගේ සුර­තින් වති­කා­නුවේ සාන්ත පීතර බැසි­ලි­කා­වේදී පූජක වරම් ලබා ගත්හ. අන­තු­රුව වර්ෂ 1978 සිට මීසම් සහා­යක පිය­තු­මකු, වැඩ­බ­ලන මීසම් සේවක පිය­තු­මකු, දේව ධර්මය පිළි­බඳ කථි­කා­චා­ර්ය­ව­ර­යකු මෙන්ම දේව ධර්ම නිකේ­තන මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති උන්ව­හන්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, ස්පාඤ්ඤ සහ ඉන්දු­නී­සි­යානු බස ආදී භාෂා රැසක ප්‍රවී­ණ­තාව ලබා සිටිති.

1991දී එව­කට අග­ර­ද­ගු­රු­ව­රයා වූ අති­උ­තුම් නික­ලස් මාකස් ප්‍රනාන්දු හිමි­පා­ණන්ගේ මූලි­ක­ත්ව­යෙන් තේවත්තේ ලංකා අප ස්වාමි­දු­වගේ බැසි­ලි­කා­වේදී කොළඹ අග­ර­ද­ගුරු පද­වියේ සහා­යක රද­ගු­රු­ව­ර­යකු ලෙස එතු­මාගේ පදවි ප්‍රාප්ත වීම සිදු විය.

අන­තු­රුව 2009 ජූනි මස 16 වැනි දින කොළඹ පද­වියේ අග­ර­ද­ගු­රු­ව­රයා ලෙස පත් වූ මැල්කම් රංජිත් හිමි­පාණෝ, එයින් වස­ර­කට පසු, 2010 නොවැ­ම්බර් මස 20 වැනි දින ඉතා­ලියේ සාන්ත ලෝරන්ස් බැසි­ලි­කා­වේදී කාදි­න­ල්ව­ර­යකු ලෙස පත්වීම් ලදහ. ඒ අනුව මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ ශ්‍රී ලංකාවේ කාදි­නල් තන­තුර දැරීමේ ආශී­ර්වා­දය ලත් දෙවන පිය­තුමා වෙති. උන් වහන්සේ ජාතික තලයේ මෙන්ම ජාත්‍ය­න්තර තලයේ ද තන­තුරු රැසක් හෙබ වූ අතර, ජාත්‍ය­න්තර රැස්වීම් රැසක සභා­පති ධුරය ද දැරූහ.

ජාත්‍ය­න්තර සම්මාන රැස­කින් ද පිදුම් ලද එතු­මාණෝ අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ තෝමස් ඇක්ව­යි­නාස් විද්‍යා­ල­යෙන් ආග­මික අධ්‍යා­පන ක්ෂේත්‍රයේ තෝමස් ඇක්ව­යි­නාස් පද­ක්කම ද, 2008 වසරේ සංස්කෘ­තික ක්ෂේත්‍රයේ ජය­ග්‍ර­හණ සඳහා ඉතාලි ජන­ර­ජයේ ජනා­ධි­ප­ති­ව­රයා විසින් පිරි­න­මන ලද 7 වැනි Giuseppe Sciacca ජාත්‍ය­න්තර සම්මා­නය ද ලබා ගත්හ. ලේඛ­ක­යකු ද වන එතුමා සඟරා සහ පුව­ත්පත් සඳහා ද ලිපි ගණ­නා­වක් සම්පා­ද­නය කර තිබේ.

මල්වතු පාර්ශ්වයේ අනු­නා­යක නියං­ගොඩ විජි­ත­සිරි අනු­නා­යක හිමි­පා­ණන් වහන්සේ සහ ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමි­පා­ණන් වහන්සේ මෙහිදී සුබ­පැ­තුම් එක් කළහ.

නායක හිමි­ව­රුන් ඇතුළු ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය, සර්වා­ග­මික පූජ­ක­ව­රුන්, ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ සභා­පති හැරල්ඩ් ඇන්තනී පෙරේරා, වති­කාන අපෝ­ස්ත­ලික මෙහෙ­යුම් ප්‍රධානී මොන්සි­ග්නෝර් රොබර්ටෝ ලුකිනි, කොළඹ සහා­යක රද­ගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහා­යක රද­ගුරු ඇන්තනී ජය­කොඩි රද­ගු­රු­තු­මන් ඇතුළු කතෝ­ලික පිය­තු­මන්ලා, මැති ඇමැ­ති­ව­රුන්, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන්, වැඩ­බ­ලන පොලි­ස්පති, තානා­ප­ති­ව­රුන් ඇතුළු ආරා­ධි­තයෝ මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *