පරෙස්සම් වෙන්න – හෙට මිලිමීටර් 150 ඉක්මවූ ධාරානිපාත වැසි ඇදහැලෙයි


බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේ මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම වයඹ පළාතට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *