නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දිනයේ රුපියල් 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පවසනවා.
එමෙන් ම චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා එළවලු වර්ගවල කිලෝවක මිල රුපියල් 7000 දක්වා ඉහල ගොස් ඇති බවයි ඔහු සඳහන්කර සිටියේ.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවින්ගෙන් ඊයේ (13) දින කැරට් කිලෝවක් රු 900ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බවයි නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් පවසා සිටියේ.
ලික්ස් , බීට්රූට් , ගෝවා කිලෝවක් රුපියල් 450-500 අතර තොග මිලකට අලෙවි කරන බවත්, බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රුපියල් 750-800 අතර තොග මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් පවසා සිටියේ.
තවද අමු මිරිස් කිලෝවක් රු 1600 , රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බව සඳහන්.
මීට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු 350- 400 අතර මිලකට අලෙවි කළ බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රොකලි කිලෝවක් රුපියල් 750 වැනි මිලකට අලෙවි වු බවයි වෙලෙදුන් පවසා සිටියේ.
නුවරඑලිය ප්‍රදේශයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගා විනාශ වි අස්වැන්න අඩුවිම නිසා ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි නිසා මෙසේ එලවළු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත්, මෙම තත්ත්වය තවත් මාස තුනක් වැනි කාලයක් පවතින බවයි වෙළෙදුන් පවසා සිටියේ.