කන පැළෙන්න කැසට් දාන බස්වලට වැඩ වරදියි

බස්වල අධික ශබ්දයෙන් කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ඉදිරියේදී නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.

ඒ හේතුවෙන් මගීන් දැඩි පීඩාවකට ලක්වන බැවින්, බස්වලින් සිදුවන සාමාජයීය ශබ්ද දූෂණය අවම කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව ඉදිරියේදී නියාමන වැඩපිළිවෙළක් සකස් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසීය.

බස්වල කැසට් යන්ත්‍ර අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් රථ වාහන පොලිසියට ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව පවතින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *