වගා ආයෝජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න මහ බැංකුව තීරණය කරයි

වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම වගා ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුව වෙත පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි.

මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ මහා බැංකුවේ බලපත්‍රයක් නැතිව මහජන තැන්පතු භාර ගැනීමට කිසිදු අය අයකුට අවසර නැති බවයි.

මෙම ආයතන විසින් තැන්පතු භාරගත් බවට සාක්ෂි එකතු කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *