ලොකු පඩි දෙන මහ බැංකුවේ අලුත්ම වේකන්සි දැනුම් දෙයි

මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධයෙන් මේ දිනවල නවතම කතිකාවතක් ගොඩනැගී ඇත. මෑතක දී මහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් ඉහළ නැංවීම් සම්බන්ධ කාරණය ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේ නියෝජ්‍ය අධිපතිවරයෙතුට ලක්ෂ 7කින් පමණ පඩි වැඩිවී ඇති බවත්, ඊළඟ ශ්‍රේණියේ සිටින අයෙකුට ලක්ෂ 5කින් පමණ පඩි වැඩි වී ඇති බවත්ය. තවද මේ වන විට මහ බැංකු කාර්යාල කාර්ය සහායකවරයෙකුගේ වැටුප රු. 183,000 ඉක්මවා යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පළ කළේ මෙවැනි අදහසකි.

“ලෝකේ හැම මහ බැංකුවක්ම ගන්නේ අතිවිශේෂ වූ ශ්‍රමයක්. විශේෂ වූ පුද්ගලයන්. ඒ නිසා මහ බැංකු පනතින්ම තියෙනවා, මහ බැංකුවේ, තියෙන වැටුප් තලයන් තීරණය කරන්නේ, මහ බැංකුව කියලා. ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහ බැංකුව වාගේ දෙයකට අතිවිශේෂ මිනිස්සු ගත්තේ නැත්නම් වෙන දේ අපි දැක්කනේ. නැත්තන් ඒ් වාගේ විශේෂ ශ්‍රමයක් රඳවා ගන්නත් අමාරු වෙනවා.”

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් රජයේ චක්‍රලේඛ කිසි විටෙකත් අදාළ නොවන බවයි. සෑම වසර තුනකටම වරක් වෘත්තීය සමිති සහ මහ බැංකුව අතර අත්සන් කරන ලද සාමූහික ගිවිසුම් මත සිය වැටුප් සංශෝධන සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පවතින තත්ත්වය තුළ බොහෝ දෙනා විමසීම් කරනුයේ මහ බැංකුවේ දැනට ඇති රැකියා ඇබෑර්තු මොනවාද කියා ය. එලෙස දැනට පුරප්පාඩුව පවතින තනතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පළ කළ දැන්වීම් කිහිපයක් පහතින් දැක්වේ.

notice 20240218 post of legal officer on contract s Iri News
notice hrd 20240207 post of senior controller of security s Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *