මහ බැංකුවේ පඩි වැඩිකර ගැනීම ආපසු හරවයි

මහ බැංකුව මෑතකදී සිය සේවකයන්ගේ වැටුප් ඉතා ඉහළ ප්‍රතිශතයකින් ඉහළ නංවා ගැනීමට ගෙන තිබෙන තීරණය වහාම ආපහු හැරවීමට රජය කටයුතු කරමින් සිටින බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

ඒ සදහා වූ නීති ප්‍රතිපාදන සකස් කිරීමට අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අනුව, සිය කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රමාණයන් තීරණය කිරීමේ බලය මහබැංකුවෙන් ඉවත් කිරීමට පියවර ගැනෙනු ඇති අතර, එම බලය පාර්ලිමේන්තුවට සහ මහා භාණ්ඩාගාරයට පැවරීමට නියමිත ය.

දැනට සිය කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීමට මහබැංකුව ගෙන තිබෙන පියවර ඒ අනුව ආපසු හරවනු ලබන අතර, ඒ වෙනුවට සාධාරණ වැටුප් වැඩිවීමක් යෝජනා කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *