ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරවලට සහන දෙන්න – මහ බැංකුව සියළුම බැංකුවලට දන්වයි

මෑත­කා­ලීන සුළි සුළං සහ ගංව­තුර ආපදා තත්ත්ව­යෙන් ඇති වූ අහි­ත­කර බල­පෑම් සැල­කි­ල්ලට ගනි­මින් බල­පෑ­මට ලක්වූ පුද්ග­ල­යන්ට සහ ව්‍යාපාර සඳහා සහන සැල­සී­මට ශ්‍රී ලංකා මහ බැංකුව තීර­ණය කර තිබේ.ඒ අනුව මූල්‍ය පද්ධ­තියේ ස්ථායි­තාව මත අන­වශ්‍ය බල­පෑ­මක් ඇති නොවන ආකා­ර­යට, බල­පෑ­මට ලක් වූ ව්‍යාපාර සහ පුද්ග­ල­යන්ට ඵල­දායී ලෙස සහන ලබා­දීමේ අව­ශ්‍ය­තාව හා ශ්‍රී ලංකා බැංකු සංග­මයේ යෝජනා සලකා බල­මින් තම ආදා­ය­මට හෝ ව්‍යාපා­ර­යට සෘජු බල­පෑම් සිදු වූ පුද්ග­ල­යන් සහ ව්‍යාපාර සඳහා සහන ලබා­දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව බල­ප­ත්‍ර­ලාභී බැංකු වෙත උප­දෙස් දී ඇත. 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍ර­ලේ­ඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව, ණය ගනු­දෙ­නු­ක­රු­වන් අදාළ බල­ප­ත්‍ර­ලාභී බැංකු වෙත ලිඛි­තව හෝ විද්‍යුත් මාර්ග­යෙන් 2026.01.15 වැනි දිනට පෙර ඉල්ලී­මක් කළ­විට මෙලෙස දක්වා ඇති සහන ලබා­දෙන ලෙස බල­ප­ත්‍ර­ලාභී බැංකු වෙත දැනුම් දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

ඒ අනුව තාව­කා­ලික ණය සහන ලබා­දී­මට ද පිය­වර ගෙන තිබෙන අතර බල­පෑ­මට ලක් වූ වත්මන් ණය ගනු­දෙ­නු­ක­රු­වන්ගේ දැනට පව­තින ණය පහ­සු­ක­ම්වල මුල් ණය මුදල සහ හෝ ණය පොලිය ආපසු ගෙවීම, මාස 3 සිට 6 දක්වා කාල­යක්, ඒ ඒ සිද්ධිය සලකා බල­මින්, අත්හි­ටු­වීම හෝ මේ සම්බ­න්ධ­යෙන්, ණය අත්හි­ටු­වන කාලයේ අදාළ ගිවි­සු­ම්ගත පොලී අනු­පා­ත­යට වඩා වැඩි පොලී අනු­පා­ත­යක් අය නොක­රන ලෙසත්, කල් දැමූ පොලී ගෙවීම් සඳහා, කිසිම පොලි­යක් අය නොක­රන ලෙසත් බල­ප­ත්‍ර­ලාභී බැංකු­ව­ලට දන්වා තිබේ. ඊට අම­ත­රව බල­පෑ­මට ලක්වූ ණය ගනු­දෙ­නු­ක­රු­වන්ට නව ණය පහ­සු­කම් ලබා­දී­මට ද පිය­වර ගෙන තිබෙන අතර බල­ප­ත්‍ර­ලාභී ණය ගනු­දෙ­නු­ක­රු­වන්ගේ ණය ආපසු ගෙවීමේ හැකි­යාව සැල­කි­ල්ලට ගනි­මින්, බල­පෑ­මට ලක්වූ පුද්ග­ල­යන්ට සහ ව්‍යාපා­ර­ව­ලට ඒ ඒ සිද්ධිය සලකා බල­මින් නව ණය පහ­සු­කම් ලබා­දෙන ලෙස බල­ප­ත්‍ර­ලාභී බැංකු වෙත දැනුම් දී ඇත. අත්හි­ටු­වීමේ කාලය ඉකු­ත්වී­මෙන් පසු අවම වශ­යෙන් මාස 3ක සහන කාල­ය­කින් පසු නව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සිදු­වන අතර වසර 2ක කාල­යක් දක්වා ලබා­දෙන ඕනෑම නව ණයක් සඳහා, මේ චක්‍ර­ලේ­ඛයේ දිනට ණය ගනු­දෙ­නු­ක­රුගේ අයිරා පහ­සු­කම් හෝ ණය පහ­සු­කම් සඳහා අදාළ ගිවි­සු­ම්ගත පොලී අනු­පා­ත­ව­ලින් අඩු පොලී අනු­පා­තය හෝ වාර්ෂි­කව සිය­යට 9 යන අග­ය­න්ගෙන් අඩු අගය උප­රිම ස්ථාවර පොලී අනු­පා­තය ලෙස අය කිරීම හෝ බල­ප­ත්‍ර­ලාභී බැංකුව විසින්, වසර 2 කට වැඩි කාල­යක් සඳහා මේ යටතේ ලබා­දෙන ඕනෑම නව ණය පහ­සු­ක­මක් සඳහා, ණය ගනු­දෙ­නු­කරු සමඟ ඇති කර­ගත් ණය ගිවි­සුමේ දක්වා ඇති පරිදි, වසර 2 අව­සා­නයේ ඇති බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනු­පා­ති­කය හා සබැඳි අනු­පා­ත­ය­කට පොලී අනු­පා­තය සංශෝ­ධ­නය කිරීම මෙහිදී තහ­වුරු කළ­යුතු වේ.

මීට අම­ත­රව, බල­පෑ­මට ලක් වූ ණය ගනු­දෙ­නු­ක­රු­වන්ගේ සියලු ණය පහ­සු­ක­ම්ව­ලට අදා­ළව චෙක්පත් අග­රු­වීමේ ගාස්තු, ගෙවීම් නැවැ­ත්වීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ / ප්‍රති ලේඛ­න­ගත කිරීමේ ගාස්තු සහ දඩ පොලිය අය කිරීම 2026.01.31 දක්වා අත්හි­ටු­වන ලෙස ද බල­ප­ත්‍ර­ලාභී බැංකු­ව­ලින් ඉල්ලා ඇත. එවැනි ගාස්තු ස්වයං­ක්‍රීය පද්ධ­ති­යෙන් ජන­නය කරන ලද සට­හන් හරහා අය කරනු ලබන විට, ඒවා අය කිරී­මෙන් පසු ව්‍යාපා­රික දින 3ක් ඇතු­ළත අදාළ ගිණු­මට ආපසු බැර කළ­යුතු බවද බල­ප­ත්‍ර­ලාභී බැංකු වෙත දන්වා ඇත.

ඕනෑම ණය ප්‍රති­ව්‍යූ­හ­ගත,ප්‍රති­ලේ­ඛ­න­ගත කිරී­ම­කට අදාළ නිය­ම­යන් සහ කොන්දේසි සහ ණය පහ­සු­ක­ම්ව­ලට අදාළ මුල් ණය මුදල, පොලිය සහ අනෙ­කුත් ගාස්තු­වල සැකැ­ස්මක් අනු­මැ­ති­යට පෙර අදාළ ණය ගනු­දෙ­නු­ක­රුට පැහැ­දි­ලිව දන්වා සිටින ලෙස සහ ඒ සඳහා ණය ගනු­දෙ­නු­ක­රුගේ කැමැත්ත ලිඛි­තව හෝ විද්‍යුත් ක්‍රම මඟින් ලබා ගන්නා ලෙස බල­ප­ත්‍ර­ලාභී බැංකු­ව­ලින් ඉල්ලා සිටී. ඉහත සඳ­හන් ණය සහන ලබා­දීම සම්බ­න්ධ­යෙන් ප්‍රති­ක්ෂේප කිරී­මක් ඇති­වු­ව­හොත්, බල­ප­ත්‍ර­ලාභී බැංකු විසින් එවැනි ප්‍රති­ක්ෂේප කිරී­ම­කට හේතු වූ කරුණු ලිඛි­තව ණය ගනු­දෙ­නු­කරු වෙත දැනු­ම්දිය යුතු අතර, අයැ­දු­ම්ක­රුට එම ප්‍රති­ක්ෂේප කිරී­මට එරෙ­හිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරි­භෝ­ගික සබ­ඳතා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ වෙත අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කිරී­මට අව­ස්ථා­වක් තිබෙන බව දන්වා සිටිය යුතු බවද දැනුම් දී ඇත.

ණය ගනු­දෙ­නු­ක­රු­ව­න්ගෙන් ලැබෙන නව ණය අයැ­දු­ම්පත් බල­ප­ත්‍ර­ලාභී බැංකු විසින් අස­තු­ටු­දා­යක ණය තොර­තුරු කාර්යාංශ වාර්තා මත පම­ණක් පද­නම්ව ප්‍රති­ක්ෂේප කිරීම සිදු­නො­කළ යුතු බවට ද උප­දෙස් ලබා දී ඇත. ජීව­නෝ­පාය සාමා­න්‍ය­ක­ර­ණය කිරීම සහ ව්‍යාපාර යළි පණ­ගැ­න්වීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා රජය විසින් කාලී­නව ක්‍රියා­ත්මක කරන විවිධ ආපදා සහ­න­ව­ලට අම­ත­රව, බල­පෑ­මට ලක් වූ පුද්ග­ල­යන්ට සහ ව්‍යාපා­ර­ව­ලට මේ සහන ලබා­ගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *