2024 පළමු මාස 03 විතරක් විදුලි බල මණ්ඩලයේ ශූද්ධ ලාභය බිලියන 84ක් දක්වා ඉහළට

ලංකා විදුලිබල මණ්ඩලය 2024 පළමු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශ මේ බව අනාවරණය කර සිටින අතර 2023 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 34.37 ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙලෙස පසුගිය කාර්තුව දැවැන්ත ලාභදායීත්වයක් වාර්තා කිරීම විශේෂත්වයකි.

මෙම කාර්තුව තුළ දී විදුලිබල මණ්ඩලයේ සමස්ත ආදායම රු. බිලියන 121.18 සිට රු. බිලියන 167.78 ක් දක්වා 38.5% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.

2023 සමස්ත වර්ෂය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය ලැබූ ලාභය රු. බිලියන 61.23 කි.

CEB 1Q 2024 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *