විදුලි බල මණ්ඩලයට ජනන යන්ත්‍ර ගන්න ලොක්කෝ 12 වතාවක් ඩුබායි යයි

විදුලිබල මණ්ඩලය සදහා ජංගම ජනක යන්ත්‍ර ගෙන්වීමේ දී මත–ුව තිබෙන ගැටළුවක් පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, මෙම ජනන යන්ත්‍ර භාවිතයට ගැනීමට පෙර, ඒවා නවීකරණය කිරීම සදහා රුපියල් මිලියන හයසියයකට අධික මුදලක් වැය කර තිබේ.

මේ බව සොයාගෙන ඇත්තේ, පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවයි.

ඒ අනුව, මෙම ජනන යන්ත්‍ර මිලදී ගැනීමට කටයුතු කළ වගකිව යුතු පාර්ශ්වයන් සොයා ගැනීම සදහා කෝප් කමිටුව කටයුතු කරමින් සිටින බව පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම, මෙම ජනන යන්ත්‍ර මිලදී ගැනීමට පෙර, ඒ සදහා වූ කටයුතු වෙනුවෙන්, යම් කිසි නිළධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට සහ ඩුබායි රාජ්‍ය වෙත දොළොස් වතාවක් ගමන් කර තිබේ.

කෝප් කමිටුව මුල්වරට මේ පිළිබදව අවධානය යොමු කර තිබෙන්නේ 2022 වසරේ දී ය.

මෙසේ ගෙන්වන ලද ජංගම ජනන යන්ත්‍ර දෙකක්, මේ වන විට ජංගම ජනන යන්ත්‍ර ලෙස භාවිතයට නොගන්නා අතර, ඒවා කිසියම් තැනක ස්ථිරව ස්ථානගත කර තිබෙන බවද පුවත්පත වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *