යාපනේ කොටි සැමරුමේදී දරුවන්ගේ කරේ සයනයිඩ් එල්ලයි

යාපනයේ කෝපායිහි පැවැති මහවිරු සැමරුමකදී බාලවයස්කාර දරුවන් කිහිපදෙනකු සයනයිඩ් කරල් හා සමාන කරලත් එල්ලා ගෙන සිටීම ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත.

මොවුන්ගේ ඡායාරූප කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ ද පළ වී තිබේ. එහි දැක්වෙන්නේ බාලවයස්කාර පිරිමි දරුවන් තිදෙනකු සයනයිඩ් කරල් හා සමාන කරල් බෙල්ලේ එල්ලා ගෙන සිටින ආකාරයයි.

මොවුන් සැරසී සිටින්නේ ද කොටි සාමාජිකයින් ලෙසය. මෙය භයානක පෙරනිමිත්තක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *