ශ්‍රී ලංකාවේ අල්ලස සහ දූෂ­ණය පහත වැටිලා – මහ බැංකු මූල්‍ය බුද්ධි ඒක­කය කියයි

ශ්‍රී ලංකාවේ අල්ලස සහ දූෂ­ණය සම්බන්ධ අව­දා­නම ‘මධ්‍යම-ඉහළ’ මට්ටමේ සිට මේ වන විට ‘මධ්‍යම’ මට්ටම දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒක­කය පව­සයි. මෙය සතු­ටු­දා­යක තත්ත්ව­යක් බව මූල්‍ය බුද්ධි ඒක­කය සඳ­හන් කරයි.

2024 වස­රේදී 32ක්ව පැවති දූෂණ සංජා­නන දර්ශ­කයේ (CPI) ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රමා­ණය 2025 වන විට 35 දක්වා ඉහළ යෑම මෙයට හේතු­වයි. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බන්ධ මුදල් විශු­ද්ධි­ක­රණ තර්ජ­නය පෙර පැවති

‘මධ්‍යම-ඉහළ’ මට්ටමේ සිට ‘ඉහළ’ (High) මට්ට­මක් දක්වා වර්ධ­නය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒක­කය පව­සයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒක­කය (FIU) විසින් 2024/25 වසර සඳහා වන මුදල් විශු­ද්ධි­ක­ර­ණය, ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම සහ සමූල ඝාතක අවි ව්‍යාප්ති­යට මුදල් සැප­යීම පිළි­බඳ ජාතික අව­දා­නම් තක්සේරු (NRA) වාර්තාව නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කර­මින් මේ බව කියා සිටියි. රජයේ සහ පෞද්ග­ලික අංශයේ ආය­තන 86 ක නියෝ­ජි­ත­යන්ගේ සහ විශේ­ෂ­ඥ­යන් 200කට ආසන්න පිරි­ස­කගේ දාය­ක­ත්ව­යෙන් සිදු කරන ලද මෙම තක්සේ­රුව ශ්‍රී ලංකාව තුළ සිදු කළ තෙවැනි ජාතික අව­දා­නම් තක්සේ­රු­වයි.

මෙම වාර්තාවේ වඩාත්ම කැපී­පෙ­නෙන කරුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බන්ධ මුදල් විශු­ද්ධි­ක­රණ තර්ජ­නය පෙර පැවති ‘මධ්‍යම-ඉහළ’ මට්ටමේ සිට ‘ඉහළ’ (High) මට්ට­මක් දක්වා වර්ධ­නය වී තිබී­මයි. එය මෙරට පව­තින බර­ප­ත­ළම අප­රාධ වැරැද්ද ලෙස හඳු­නා­ගෙන තිබේ. සම­ස්ත­යක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික මුදල් විශු­ද්ධි­ක­රණ අව­දා­නම ‘මධ්‍යම’ මට්ට­මක පව­තින බව තක්සේරු කර ඇත.

මෙරට ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීමේ (TF) අව­දා­නම ද පෙර පැවති ‘මධ්‍යම’ මට්ටමේ සිට

‘මධ්‍යම-ඉහළ’ (Medium-High) මට්ට­මක් දක්වා ඉහළ ගොස් ඇත. අන්ත­වාදී හා බෙදු­ම්වාදී ජාල­ව­ලින් එල්ල වන තර්ජන, ඩය­ස්පෝරා අර­මු­දල්, ඩිජි­ටල් අන්ත­වා­දය සහ අවි­ධි­මත් මූල්‍ය නාළිකා භාවි­තය මීට ප්‍රධාන වශ­යෙන් බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. මීට අම­ත­රව, සමූ­ල­ඝා­තක අවි ව්‍යාප්ති­යට මුදල් සැප­යීමේ (PF) අව­දා­නම පිළි­බ­ඳව ද ප්‍රථම වතා­වට මෙහිදී අධ්‍ය­ය­නය කර ඇති අතර එය ‘මධ්‍යම’ මට්ට­මක පව­තින බව වාර්තාවේ සඳ­හන් වේ.

ආර්ථික අංශ සලකා බැලී­මේදී බැංකු, මූල්‍ය සමා­ගම්, නිශ්චල දේපළ, ස්වර්ණා­භ­රණ සහ කැසිනෝ අංශ මුදල් විශු­ද්ධි­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් ‘මධ්‍යම-ඉහළ’ අව­දා­නම් සහිත ක්ෂේත්‍ර ලෙස හඳු­නා­ගෙන තිබේ. කොටස් තැරැ­ව්කාර සමා­ගම් සහ රක්ෂණ ක්ෂේත්‍රය ‘මධ්‍යම’ මට්ටමේ අව­දා­න­මක් පෙන්නුම් කරයි.

මෙම අව­දා­නම් මඟ­හ­රවා ගනි­මින් මූල්‍ය පද්ධ­තියේ ස්ථාව­ර­ත්වය තහ­වුරු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒක­කය විසින් නිර්දේශ 15ක් ඉදි­රි­පත් කර ඇත. ඒ අනුව, මුදල් විශු­ද්ධි­ක­ර­ණය සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම වැළැ­ක්වීමේ ජාතික ප්‍රති­ප­ත්තිය 2026-2030 කාල­සී­මාව සඳහා යාව­ත්කා­ලීන කිරී­මට රජය සැල­සුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *