විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙමින් ගිය වසරේ (2025) දී ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් මිලදීගෙන තිබේ.
ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ ඉහළම විදේශ සංචිත මට්ටම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක ප්‍රමාණය පවත්වාගෙන යෑම සඳහා මෙම ඩොලර් මිලදී ගැනීම උපකාරී වූ බවද මහ බැංකුව පවසයි.
ගිය වසරේ (2025) ප්‍රථම මාස හයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් සහ ගිය වසරේ (2025) දෙවැනි මාස හයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.0ක් ද මහ බැංකුව මිලට ගෙන ඇත.