ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට පෙර කවරදාටත් වඩා ලංකාව දැන් සූදානම් – මහ බැංකු අධිපති කියයි

ඉන්ධන අර්බුදයකට මුහුණ දීම ලංකාව පෙර කවරදාටත් වඩා සූදානම් බව මහබැංකු අධිපති එස්.නන්දලාල් මහතා පවසා තිබේ.

රට ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබුණු 2022 වසරේ ගැටළුව වී තිබුණේ ඉන්ධන මිලදී ගැනීම සදහා ප්‍රමාණවත් තරම් ඩොලර් සංචිතයක් රට තුළ නොපැවතීම බව පවසන මහබැංකු අධිපතිවරයා, මේ වන විට බිලියන හත ඉක්ම වූ ඩොලර් සංචිතයක් රට තුළ ඇති බව පවසයි.

“ඉන්ධන අර්බුදයක් ඇති විය හැක්කේ සැපයුම් දාමයේ බිද වැටීමක් හේතුවෙන් පමණි.

එසේ නොමැතිව ඉන්ධන මිලදී ගැනීම සදහා ඩොලර් නැති වීම හේතුවෙන් නොවේ.” මහබැංකු අධිපතිවරයා බ්ලූම්බර්ග් සමග එසේ පවසා තිබේ.

කෙසේ වෙතත්, ගෝලීය වෙළද පොළ තු-ළ ඛණිජ තෙල් ඇති තාක් කල්, ඒවා මිලදී ගැනීම සදහා ප්‍රමාණවත් ඩොලර් රට සතු බව මහබැංකු අධිපතිවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *