මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන-ගලගෙදර කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.ඊට අදාළ විස්තර https://rda.gov.lk/index.php?option=com_inquirie වෙබ් අඩවි හරහා ලබා ගත හැකි බව ද අමාත්‍යාංශය පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් දේශීය අරමුදල් භාවිතයෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජය නිවේදනය කිරීම හේතුවෙන් මෙලෙස වෙබ් අඩවිවල පළ කර ඇත.මේ අනුව දේශීය ආයෝජකයන්ට ඊට අවස්ථාව ඇති අතර 2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ මූල්‍ය අවකාශය සැලකිල්ලට ගනිමින් දේශීය අරමුදල් භාවිතයෙන් රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර මාර්ග සංවර්ධන අධිකාරියේ ණය ආපසු ගෙවීම්වලින් ඉතිරි ප්‍රතිපාදන සහ අතිරේක අයවැය ප්‍රතිපාදන ඇතුළත්ව මේ සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇත.