ශ්‍රි ලංකා මහ බැංකුව විදේශිය සහ දේශිය වෙළදපොලෙන් ඩොලර් මිලියන 461ක් මිලදී ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුව 2026 පෙබරවාරි මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 461ක සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිල දී ගෙන ඇත.

පසුගිය පෙබරවාරි මාසය තුළ කිසිදු ආකාරයක ඩොලර් විකිණීමක් මහ බැංකුව සිදුකර නොමැත. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

2026 ජනවාරි මාසය තුළ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 209.8 ක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණු අතර ඩොලර් මිලියන 9.5ක් අලෙවි කර තිබුණි. ඒ අනුව ශුද්ධ වශයෙන් 2026 ජනවාරි මාසයේ දී මහ බැංකුව මිල දී ගෙන තිබූ ඩොලර් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 200.3 කි.

මේ අනුව 2026 මුල් මාස දෙක තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 661.3ක විදේශ විනිමය ප්‍රමාණයක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

මෙම ඩොලර් මිලදී ගැනීමත් සමඟම 2026 පෙබරවාරි මාසය අවසාන වන විට ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 7.28ක් දක්වා ඉහළ නංවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *