සයිනොපෙක් ඇතුළු තෙල් සමාගම් පැමිණිමෙන් තෙල් සංස්ථාවේ ආදායම 26%කින් පහළ​ට

නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන්  ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම  සියයට 26.9කින්  පහත වැටි ඇති  බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  විසින් නිකුත්කොට ඇති  වාර්තාවක සදහන් වේ.

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2023 වර්ෂයේ දි රුපියල් බිලියන 1,263.6ක  ආදායමක් උපයාගෙන තිබුණි.එහෙත් 2024 වර්ෂයේ දි එම ආදායම රුපියල් බිලියන 923.4 දක්වා සියයට  26.9කින් අඩුවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන 4,184කි. 2024 වර්ෂයේ දි විකුණුම් පරිමාව තෙල් ලිටර් මිලියන  286කින් අඩුවි තිබුණි. ඉකුත් වර්ෂයේ දි ඛනිජතෙල් නිතිගත සංස්ථවේ දල ලාභය  රුපියල් බිලියන 75.6 දක්වා  සියයට 53.4කින්  පහත වැටි තිබුණි. කෙසේවුවද  පිරිවැය පිළිබිඹු කරණ  මිලකරණ සුත්‍රය  අඛණ්ඩව භාවිතා කිරිම සහ  ඉකුත් වර්ෂය තුල ශ්‍රිලංකා රුපියල සාපේක්ෂ වශයෙන්  ශක්තිමත් විම  හේතුවෙන්  සංස්ථා  රුපියල් බිලියන 33.3ක  ශුද්ධ ලාභයක් වාර්තාකොට තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *