වත්මන් රජය ඇමරිකාව ඇතුළු ප්‍රබල රාජ්‍යයන් හමුවේ දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ජාත්‍යන්තර බලපෑම් හමුවේ සෘජුව පෙනී සිටීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.
“ඕනෑම රටක් එක්ක මේක විසඳගන්න අපිට පුළුවන්”
රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ විජේසිරි මහතා මෙසේ ද පැවසීය:
“ඇමරිකාව එක්ක ගේම ඉල්ලන්න මේ ආණ්ඩුවට කොන්දක් නෑ. මේක කරන්න බැරි නම් ගෙදර යන්න. අපිට ඒ ශක්තිය තියෙනවා. ඕනෑම රටක් එක්ක මේ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන් බව අපි කියනවා.”