චමුදිත ඝාතනය කරන්න පාතාලයෙන් ප්ලෑනක් – තොරතුරු එළියට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීමට පාතාල කල්ලියක් සැලසුම් කරමින් සිටින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ඝාන තැත පිළිබඳ තොරතුර චමුදිත සමරවික්‍රම මහතාට ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒ මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කර තිබේ.

බටුවත්තේ චාමර නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයේ සිට මෙම සැලසුම සකස් කරගෙන සිටින බවට ලැබුණු තොරතුරක් පාදක කරගෙන චමුදිත සමරවික්‍රම මෙම පැමිණිල්ල කර ඇත.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම සැලසුමේ තොරතුරු ලැබුණු පුද්ගලයන්ගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

ඩුබායිහි සැඟවී සිටින පාතාල කල්ලි සාමාජිකයන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම මෙම මරණ කුමන්ත්‍රණයට හේතු වන්නට ඇති බවට සැක පහළ කරයි.

චමුදිත සමරවික්‍රමට එල්ල වී තිබෙන තර්ජන නිසා ඔහුට මේ වනවිට පොලිස් ආරක්ෂාවක් ද ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *