දළදා ප්‍රදර්ශනයට වැය කරන මුදල් මියන්මාරයට යවන්න – චන්න ජයසුමන

එරටට බලපෑ දරුණු භූමි කම්පාවෙන් පීඩාවට පත්ව සිටින මියන්මාර ජනතාවට සහන සැලසීම සදහා නුදුරේදී පැවැත්වීමට නියමිත දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල් යොදා ගන්නා ලෙස හිටපු අමාත්‍ය චන්න ජයසුමන පවසයි. 

මියන්මාරය බෞද්ධ රටක් බව මෙනෙහි කරන චන්න ජයසුමන හිටපු අමාත්‍යවරයා, වෛද්‍ය කණ්ඩායමක් පමණක් එරටට පිටත් කර යැවීමට රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ද පළකර සිටියේ ය. 

අනුරාධුර රාජධානිය බිද වැටීමෙන් පසු මහ විජයභාහූ (පළමුවන විජයභාහු) රජු මේ රට මුදා ගනු ලැබුවේ, බුරුමයේ (අද මියන්මාරයේ) අනුරුද්ධ රජුගෙන් ලැබුණු සහාය මත බව ද චන්න ජයසුමන පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *