කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ස්කාගාර බලපත්‍රයක් සම්බන්ධයෙන් යූ ටියුබ් හි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ මහතා වෙත එන්තරවාසියක් යවා තිබේ.
මෙය මෑත කාලයේ ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් තමන්ට සිදුවන පුද්ගලික අපහාසයන් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සම්පත් අවභාවිත කරමින්, එම දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමේ ප්‍රවණතාවෙන් විතැන් වීමකි.
නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය පැවසුවේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය චෝදනා මාලාවක් මෑතකදී යූ ටියුබ් නාලිකාවක වරුණ රාජපක්ෂ නම් පුද්ගලයෙකු විසින් ප්‍රචාරය කර ඇති බවයි.
ඒ අනුව, සිදු වූ හානිය සඳහා වන්දි ඉල්ලා වරුණ රාජපක්ෂ මහතා වෙත එන්තරවාසියක් නිකුත් කර ඇත.