පිටරට ගිහින් චෙෆ් කෙනෙක් වෙන්න අවුරුද්දක් කලින් සාමාන්‍ය පෙල ලියූ දුවගේ කතාව සමාජ මාධ්‍ය කළඹයි

ඇය නමින් ඒෂ්ණා බණ්ඩාර ය.

එවකට එනම් 2021 ඇය 9 වසරේය.

“අම්මේ පොඩ්ඩක් කතා කරන්න ඕන.”

මගේ කරවටා අතක් දමමින් කීවාය.

ඇයි?

“මට O/L කරන්න ඕන”

“දැන්ම” ඔයාට පුලුවන් ද?

මම ඇසුවේ ගනනකට නොගෙනය.

“පුලුවන් අම්මේ.අපරාදෙනේ අම්මේ අපේ කාලේ.”

ඒත් මම එය එතරම් තැකීමක් කලේ නැත.

ඇත්තටම මට ඇගේ ඉල්ලීම අමතක විය.

2022 ඇය 10 වසරේය.

“අම්මේ මේ සැරේවත් මට O/L කරන්න දෙන්නේ නැද්ද ?”

“තව අවුරුද්දක් තියෙනවා නේ .ඇයි හදිසි.”

ඔයාට පුලුවන් ද?

මගේ පරණ තැටිය ම වාදනය විය.

“පුලුවන් නිසා නේ අම්මේ කියන්නේ.ඔයා මට ඒකට ඕන වැඩ ටික ready කරලා දෙන්න කෝ.”

මෙවර මට ගැලවීමක් නැත.

ඇත්තටම මට තිබුණේ ඇයට ජාතික හැදුනුම්පත සකස් කර දීම පමණි.පුද්ගලික අයදුම් කාරියක ලෙස Online විභාගයට අයදුම් කලේ ඇයයි.

“පුතේ ඔයා මොකක්ද අවුරුද්දක් කලින් O/L කරලා බලාපොරොත්තු වෙන්නේ.”

මම ඇසුවේ ගනනකට නොගෙනය.

අම්මේ මට රට යන්න ඕන.විභාග වලට කාලේ කාලා තේරුමක් නෑ.

මට ඕනා chef කෙනෙක් වෙන්න .බොරුවට ඉගෙන ගන්න රට යන්න මට ඕන නෑ.අඩු මුදලකට හොද අධ්‍යාපනය ක් මේ රටෙන් ඇර වෙන කොහෙන්වත් ගන්න බෑ…………………….

………………………………………………………………

………………………………………………………………

ඇය කියාගෙන ගියාය.

මට කියන්න ට කිසිවක් ඉතුරු වී නැත.

මේ හෑල්ලෙන් මට කියන්න ට අවැසි මෙයයි.

* ඇය කිසිදු අමතර පන්තියකට සහභාගී වී නැත.(English Johnson J Rajiah )

* පාසලේ ඉගැන්වීම් පමණි . Badulla Central College ❤️

*U tube self studies

✌️ දැන් දරුවන්ගේ ඉදිරි දැක්ම වෙනස්.ඔවුන් ට ඇහුම්කන් දෙන්න

👍 සාම්ප්‍රදායික පිලිගත් වෘත්තියක් වෙනුවට දරුවන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න ඔවුන් ට මග පෙන්වන්න.

😌 ජීවත් වෙන්නත් අමාරුකාලේ Tution වෙනුවෙන් මුදල් නාස්ති කරන්න එපා.

❤️ පාසල ගැන පාසලේ ගුරුවරු ගැන විශ්වාස ය තබන්න.

💐 පාසලේ ගුරුවරුන් සමග සබඳතා ගොඩනගා ගන්න .

😘 දරුවන් සමග හැකි සෑම විටම සන්නිවේදන තියා ගන්න .

❤️ ඔවුන් ට ඇහුම්කන් දෙන්න .

✌️ ඔවුන් අපිට වඩා ගොඩාක් ඉදිරියෙන්.

image Iri News
image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *